අාදරය

ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි. ආදරය යනු චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහ කම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්තදැක්වීම් වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්භන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මනව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක භන්ධනයට ආදරය ලෙස සළකයි.තවත් අවස්තාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් .

පුද්ගල බද්ධ නොවන ආදරය

පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්‍යාත්මකව මෙය වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්‍රයෝගයන් ලෙස හදුන්වයි.

භෞතික වස්තුවක් මෙන්ම සතුන් කෙරේ ඇතිවන ආදරයද පුද්ගල බද්ධ නොවන ආදරයක් ලෙස හදුන්වයි.අදාල සත්වයාගේ දක්නට ලැබෙන යම් ආකර්ශනීය සාධකයක් නිසා හෝ එම සත්වයා හා පුද්ගලයා අතර ඇතිවන භාවාත්මක චිත්තවේගී බැදීම් නිසා සතුන් කෙරේ ආදරය ඇතිවේ.

අන්තර්පුද්ගල ආදරය

අන්තර් පුද්ගල ආදරය යනු පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැදීමකි.මෙහිදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සතු යම් ලක්ෂණයක් මුල්කරගනිමින් ආදරය ඇතිවේ.මෙම ගණයේ ආදරයට උදාහරණ ලෙස පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ආදරය මිතුරු මිතුරියන් අතර ඇතිවන ආදරය හා විරුද්ධ ලිංගික සහකරුවන් අතර ඇතිවන ආදරය දැක්විය හැක.

අන්තර් පුද්ගල ආදරය පිළිබද විවිධ ආගම් හා දර්ශනයන් විසින් විවිධ මත පළකර ඇත.20 වන සියවස ආමභයත් සමග ඇතිවූ මනෝ විද්‍යාාවේ දියුණුවත් සමග මෙම සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කරන්නට හැකිවිය.පසුව මානව විද්‍යට හා ජීව විද්‍යව මෙයට එක්විය.අදවන විට පුද්ගලබද්ධ ආදරයට විද්‍යාත්මක නිර්වචනයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව සමත්වී ඇත.

ජීව විද්‍යාත්මක පදනම

ජීව විද්‍යාත්මකව ආදරය යනු කුසගින්න පිපාසය මෙන් ජීව විද්‍යාත්මක ප්‍ර්රණයක් බව ජීව විද්‍යාඥයන් තර්ක කරයි.විශේෂයෙන් ක්ෂීරපායී කාණ්ඩයට අයත් සතුන් අතර මෙය සුළබය.ආදරය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුල නිපදවන හෝමෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාත කරගෙන ඇත.සත්ව ලොකය තුල පවතින මාතෘ දාරක ස්නේහයට මූලික වන්නේ ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනයයි.මෙම හෝමෝනය විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර බහුලය.

අන්තර් පුද්ගල ආදරය අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමයයි.මේ සදහාද හෝමොනවල මැදිහත්වීම බහුලව පවතී.ස්ත්‍රි පුරුෂ සම්භන්දතා පිළිබද වසර 30 පුරා විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවෙමින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබද වඩාත් විද්‍යත්මක සොයාගැනීම් සිදුකළ විද්‍යාඥයින් අතර මහාචාර්‍ය හෙලන් ෆිෂර් නම් මානව විද්‍යාඥවරිය ප්‍රමුඛය.ඇය ස්ත්‍රී පුරුෂ ආදරයේ අවධි 3 දක්වයි.
  1. අනුරාගය
  2. ආකර්ෂණය
  3. බැඳීම
තිවිය හැක.

Comments

Popular posts from this blog

දිළිඳුකම

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.