ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.
දරිද්‍රතාවය යන්න අර්ථ දැක්වීම සඳහා හඳුනාගැනීම පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී ඇති අතර දරිද්‍රතාවය පිළිබඳ වඩාත් ප්‍රචලිත අර්ථ දැක්වීම වනුයේ සමාජය පිළිගත් අවම පෝෂණ මට්ටම පවත්නා පවත්ව ගනයාමට අවශ්‍ය ආදායම් මට්ටමක් නොමැති වීම යන්නයි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය තුළ දරිද්‍රතාව ව්‍යාප්තව පවතින අතර මෑත කාලීන වශයෙන් ලංකාවේ දරිද්‍රතාව අඩු වීමේ අගයක් ගන්නා බවයි. ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සහ මානව සංවර්ධනය සඳහා නිදහසින් පසු බලයට පත්වූ අණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. එම ක්‍රියාමාර්ග අතර නොමිලේ අධ්‍යාපන පහසුකම් සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම
,මිලේ ආහාර පිහිටාධාර සහ ආහාර සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවිජනපද ව්‍යාපාර පිහිටුවීම සහ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම, නිවාස සංවර්ධන කටයුතු ජල සම්පාදන සහ සනීපාරක්ෂක කටයුතු ව්‍යාප්ත කිරීම, ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කර ඇති අතර 1978 න් පසුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා අනුගමනය කරනු ලැබූ ප්‍රධානතම ක්‍රියාමාර්ගයන් දෙක වනුයේ ජනසවි වැඩපිළිවෙළ හා සමුර්දි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමයි.
ශ්‍රී ලංකාව තුල දුගීබව තුරන්කිරීම සඳහා අනුගමනය කරනු ලැබූ ක්‍රියාමාර්ග අතර ජනසවිය වැඩපිළිවෙළට වැදගත් ස්ථානයක් හිමිවන අතර 1989 ක 4 දරන ජනසවිය පනත මගින් එතෙක් ක්‍රියාත්මක වූ ආහාරය මුද්දර ක්‍රමය වෙනුවට 1989 සිට ජනසවිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදී. ලංකාව තුළ දුගී බව තුරන් කිරීම සඳහා අනුගමනය කළ ප්‍රථම ඉලක්කගත වැඩසටහන වශයෙන් ජනසවිය වැඩසටහන හැඳින්විය හැකිය. ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාව පදනම් කරගත් සංවර්ධන ක්‍රියාවලියක් තුලින් දුගී බව තුරන් කිරීම දුගී බවෙන් පෙළෙන ජන කොටස්වල සේවා නියුක්ති ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම ප්‍රදේශවල සහ ග්‍රාමීය ජනතාවගේ මන්දපෝෂණය ඉවත් කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම ආදී කරුණු අරමුණු කරගනිමින් ජනසවි වැඩපිළිවෙළ කල ක්‍රියාත්මක කර ඇති බවක් පෙනී යයි.
කෙසේ වුවද අද වන විට ශ්‍රී ලංකාව තුල ෙමම තත්ත්වය ක්‍රමානුකූලව පහත වැටී ඇත්තේ යම්සේද ඒ මේ ආරම්භය ගනු ලැබූ ජනසවි ක්‍රියා මාර්ගය හේතුවෙන් බව කිව හැකිය. එක් අවස්ථාවක ගතහොත් මේ ක්‍රියාමාර්ග ගැනීම නිසා මිනිසුන්ව අධෛර්යමත් මිනිසුන් බවට පත් කිරීමේ වැඩසටහනක් යැයි ද කිව හැකි ය.. එනම් තම ධෛර්යයෙන් යුතුව කටයුතු කර වෙහෙස මහන්සියෙන් උපයා ගැනීමටකිසිසේත්ම මිනිසුන් සමත් වූයේ නැත. මන්ද ඔවුන් රජයෙන් දෙන දිරිදීමනා ලබාගෙන යැපෙන්නන් බවට පත් වීම හේතුවෙනි. මෙම දුගීභාවය වැඩි වශයෙන් ඇතිවීමට බලපෑ බව ද දැකිය හැකිය. තම ශක්තියෙන් යුතුව ධෛර්යයෙන් කටයුතු කළ පුද්ගලයින් අද ඉතා උසස් මට්ටමකට පත් වී ඇත්තේ ඔවුන් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ නොවූ අය යැයි කිව හැකිය. කෙසේ වුවද අද සමාජය බොහෝ පිරිසක් දුගී භාවයට පත්ව ඇත්තේ විරැකියාව හේතුවෙනි.
විරැකියාව නැති කිරීමට නම් රටෙහි මනා වූ පැවැත්ම සපුරාලිය යුතුය. එය අද වන විට දේශපාලන ක්‍රියාකලාපය හොබවන අතර ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව මිනිසුන් උදෑසන නැගිට සෙරෙප්පු දෙක දෙපා වලට දාගන්නා ක්‍රියාකලාපය සිටම වෙනස් කිරීමට කටයුතු කරන බවක් දක්නට ලැබේ.විශේෂයෙන්ම මිනිසුන්ගේ සංවර්ධනයට අවශ්‍ය මිනිසුන්ගේ දැනුමින් තම දිරිදීමනා උපයා ගැනීමට සරිලන සමාජ වටිනාකමක් මෙම රට තුළ ක්‍රියාත්මක කර නැත. මන්ද යම් යම් අවස්ථාවල ස්වයං රැකියා සඳහා මිනිසුන්ට විවිධ ණය ආධාර ලබා දුන්නද එම ණය ආධාර දෙගුණ තෙගුණ කොට පොලිය ලෙස ලබාගැනීමේදී එහිදීද අපහසුතාවයන්ට පත් වනුයේ ජනතාව වේ. මෙවැනි ක්‍රියා කලාප නිසා ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දිළිඳුකම ඇතිවෙන බව කිව හැකිය. තවද මිනිසුන්ට අවශ්‍ය සහනාධාර පහසුකම් මනාව ලබානොදීම නිසා ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට මිනිස්සුන්ට හැකි වි තිබේ. එනම් නිසි කලට පොහොර සහනාධාරය නොලැබූ ජනතාව ණය ආධාර ලබා ගෙන එම පොහොර මිලදී ගැනීම් පසු එම ණය ආධාර ලබාදීමේදී තම අස්වැන්නෙන් ගත් මුදල මෙන් දෙගුණයක් පොලිය මෙන්ම ණය ආධාර ද ලබාදීමට ඔවුන්ට සිදුවී ඇති අන්දමත් අද දක්නට ලැබේ. සමාජ ක්‍රමයෙහි මිනිසුන්ගේ දරිද්‍රතාවය නැති කිරීමට නම් පාලන හස්තය හොබවන ඉහළ පැළැන්තියේ පුද්ගලයන්ගේ න්‍යය පත්‍රය සැකසීමට ජනතාවට ද අවස්ථාවක් ලබා දිය යුතුය. නැතහොත් ඔන්ගේ න්‍යාය පත්‍ර සැකසීම ජනතාවද සෑම අවස්ථාවකම සම්බන්ධ කර ගැනීමක් කළ යුතුය. මන්දයත් මිනිසුන්ගේ ප්‍රශ්න ඔවුන් දන්නා තරම් වෙනත් කෙනෙක් නොදන්නා නිසාවෙනි.
j'm රවින්ද්‍ර පුෂ්පකුමාර.
HS/2015/0500
මුද්‍රිත මාධ්‍යය

Comments
Post a Comment