සියදිවි නසාගැනීම.

       
                 තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින් ඇතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසා ගැනීම සිදුකරනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථාවල, මානසික අාතතිය වැනි මානසික රෝගවලට ගොදුරු වී ඇති අවස්ථාවලදීය. අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදීථ ඖෂධ භාවිතා කරන අවස්ථාවලදී,  මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවය බිඳ වැටීම් වැනි ගැටළුද සියදිවි නසා ගැනීමේ දී ප්‍රමුඛ භූමිකාවක් රගපානු ලබයි.
                   ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනිඅවි භාවිතය සීමා කිරීම මානසික රෝග සහ ඖෂධ නිවැරදි ලෙස භාවිතා කිරීම සඳහා පත්‍රිකා කිරීම සහ ආර්ථික සංවර්ධනය කිරීම හැදින්විය හැකිය. ලෝකයේ  සියදිවි නසාගැනීමේ ප්‍රධාන ආකාර රටින් රටට වෙනස්වන අතර එය තවදුරටත් එම ආකාරයෙන්ම එම රටවල ඇති නැතිබව හා සම්බන්ධ වේ. එම ප්‍රධාන ආකාර ලෙස අපට හඳුනාගත හැක්කේ එල්ලී මැරීම , පළිබෝධනාශක පානය කිරීම  සහ ගිනි අවි භාවිතයෙන් තම ජීවිතය නැති කර ගැනීම වැනි දේ ය. දළවශයෙන් ලෝකයේ මිනිසුන් ලක්ෂ අටක් දහයක් අතර වාර්ෂිකව සියදිවි නසාගැනීම තුලින් තම ජීවිතය නැති කරගන්නා බවට සොයාගෙන ඇත. සියදිවි නසාගැනීම ලෝකයේ ජීවිත නැතිවීමේ ප්‍රධාන මාර්ග අතරින් දසවෙනි තැනට පත්වී ඇත. පුරුෂයෙන් සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ස්ත්‍රීන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි අතර එය ස්ත්‍රීන් සියදිවි නසාගැනීමට වඩා තුන්ගුණයත් සිවුගුණයත් අතර ප්‍රමාණයක් ගනී. එමෙන්ම ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන දහයක් විස්සක් පමණ ප්‍රමාණයක් සිදුවන බව ඇස්තමේන්තු ගත කර ඇත.

     සියදිවි නසා ගැනීමට හේතුවක් ලෙස මානසික රෝග හැඳින්විය හැකිය. යමෙක් සියදිවි නසාගැනීමේ අවස්ථාවේදී ඔහුට මානසික රෝගාබාධයක් තිබීමේ ප්‍රතිශතය   27% සිට 90% දක්වා ම විය හැකි බව ඇස්තමේන්තු ගත කර ඇත. මානසික රෝගී වාට්ටුවකට ඇතුළත් කරනා රෝගියාගේ  85% ක් තම ජීවිත කාලය තුල සිය දිවි නසා ගැනීමේ අවදානමක් පවතී. සියදිවි නසා ගැනීම් මගින් ජීවිතය නැති කරගන්නා මිනිසුන්ගේ අර්ධයක්ම ප්‍රධාන වශයෙන් විශාදයෙන් පෙළෙන අතර තවත් සමහරක් මිනිසුන් කම්පනයෙන් පෙලේ.
  ඖෂධ අනිසි ලෙස භාවිතය ද සිය දිවි නසා ගන්නා තවත් හේතුවක් වේ. අනිසි ලෙස  භාවිතා කිරීම සහ උග්‍ර විෂ ශරීරගත කර ගැනීම යන දෙකම මෙයට අදාළ වේ. ප්‍රියයන්ගේ වියෝව වැනි පුද්ගලික ශෝකයන් එකතු වූ කල සියදිවි නසාගැනීමේ අවදානම තවදුරටත් වැඩිවේ. එමෙන්ම ද්‍රව්‍ය  අනිසි ලෙස භාවිතය මානසික රෝගාබාධ තත්වයන් සමඟ ද සම්බන්ධ ය. බොහෝ පුද්ගලයන් සියදිවි නසා ගැනීමේ දී වේදනා නාශක සහ නිද්‍රාශීලී ඖෂධ නිසි ලෙස භාවිතා කරනු ලබයි. එමෙන්ම 15% 61% අතර ප්‍රතිශතයක් සියදිවි නසාගැනීම වලට අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය කරන්නට පුරුදු වේ. අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ප්‍රතිශතය සහිත රටවල මත්පැන් තැබෑරුම් ඝනත්වයක් සහිත රටවල ඉහල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයක් ඇත. අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වී ප්‍රතිකාර ලබා ගන්නේ 2.2%  ජීවිතයේ කෙදිනක හෝ සියදිවි නසා ගනු ලැබේ. අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියදිවි නසාගත් සාමාන්‍ය පුරුෂයන් වන අතර වැඩිමහල් අයද වේ. එමෙන්ම ඔවුන්ගේ බොහෝ විට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙන ඇත. හෙරොයින් භාවිත කරන්නන්ගෙන් 3% සිට 35%ක් අතර මරණය සිදු වන්නේ සියදිවි නසා ගැනීම මගින්ය.

  සූදු කෙලීම ද සිය දිවි නසා ගැනීමට තවත් හේතුවකි සූදු කෙළීම නැමති ප්‍රශ්නය වර්ධනය වන සියදිවි නසාගැනීමේ සංකල්පය හා සමගාමී වන අතර මෙහිදී සිදුවන සියදිවි නසාගැනීමේ උත්සාහයන් සංසන්දනය කරනු ලබන්නේ සාමාන්‍ය ජනගහනය සමග වේ සූදු කෙළීමට ඇබ්බැහි වූ සියලු දොළහක් සිරි විසිහතරක් අතර සූදුකරුවන් සියදිවි නසාගැනීමට තැත් කරයි සුදුකරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සියයට අඩු සංඛ්‍යාවක් සෙනෙහස ගැනීමේ ප්‍රතිශතය සාමාන්‍ය ජනගහනයක ප්‍රමාණයට වඩා තුන් ගුණයක පමණ වැඩිය සියදිවි නසාගැනීමේ අවදානම සූදු කෙළීමේ ප්‍රශ්නය නිසා වැඩිවීමට බලපාන අනෙකුත් සාධක වන්නේ මානසික රෝග, මත්පැන් පානය, මත්ද්‍රව්‍ය සහ ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමයි. 

 අවුරුදු සිය දහස් ගණනක් පෙරුම් පුරමින් ලබා ගත් මිනිස් ජීවිතය මිනිසුන් තමා අතින්ම නැතිකරගැනීම සියදිවි නසා ගැනීම නම් ඔවුන් මෙලොව ඉපදුනේ මන්ද ඔවුන් මෙලොවට පහළ වූයේ මන්ද ඔවුන් මෙලොව කුමක් කරන්න වැඩ සිටියේ ද මේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කාලයට හැකියාවක් ඇත. ඒ සඳහා මිනිසුන් කොපමණ පිළිතුරු සෙව්වත් වැරදි මාර්ගයේ යන බවක් දැකගත හැකිය.

J.M.රවින්ද්‍ර පුෂ්පකුමාර.
HS/2015/0500
මුද්‍රිත මාධ්‍යය.                   

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.

දිළිඳුකම