දිලිදුකමයි අරගලයයි Get link Facebook X Pinterest Email Other Apps June 03, 2018 දිලිදුකමයි අරගලයයි හිතේ හයිය තිබුනාට ගතේ වාරූ නොතිබුනාට කුසට යමක් නොතිබුනාට තාත්තේ නුඹ රැකුවා මම මුලු දිවියම සනසන්නට....... Get link Facebook X Pinterest Email Other Apps Comments wanninayakaJune 8, 2018 at 8:25 AMඒක නම් ඇත්ත. ReplyDeleteRepliesReplySitharanaJuly 17, 2018 at 12:14 AM🤔🤔🤔🤔ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය. August 28, 2018 ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය. දරිද්‍රතාවය යන්න අර්ථ දැක්වීම සඳහා හඳුනාගැනීම පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී ඇති අතර දරිද්‍රතාවය පිළිබඳ වඩාත් ප්‍රචලිත අර්ථ දැක්වීම වනුයේ සමාජය පිළිගත් අවම පෝෂණ මට්ටම පවත්නා පවත්ව ගනයාමට අවශ්‍ය ආදායම් මට්ටමක් නොමැති වීම යන්නයි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය තුළ දරිද්‍රතාව ව්‍යාප්තව පවතින අතර මෑත කාලීන වශයෙන් ලංකාවේ දරිද්‍රතාව අඩු වීමේ අගයක් ගන්නා බවයි. ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සහ මානව සංවර්ධනය සඳහා නිදහසින් පසු බලයට පත්වූ අණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. එම ක්‍රියාමාර්ග අතර නොමිලේ අධ්‍යාපන පහසුකම් සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම ,මිලේ ආහාර පිහිටාධාර සහ ආහාර සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවිජනපද ව්‍යාපාර පිහිටුවීම සහ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම, නි... Read more
දිළිඳුකම July 11, 2018 සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ප්‍රශ්නයක් ලෙස දිළිඳුකම හදුන්වා දියහැක.බෝහෝ නිමවුම් කරන සමාජය විසින්ම නිෂ්පාදනය කරන ලද දිළිදුකම ආදායම් ක්‍රම ඔස්සේ පමනක් නොව එහි සෑම අංශයක් ඔස්සේම අවධානයට ලක්කළ යුතු සංකල්පයකි. දිළිඳුකම දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්රවේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත. 1979 දී හැකියාවන් පිළිබඳ ප්‍රවේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි." බහුමානිය සංකල්පයක් වන දිළිඳුකම ප්‍රධාන මාන තුනක් ඔස්සේ දැක්විය හැකි බව 1992 දී chambr නම් ආර්ථික විද්‍යාඥයා අදහස් දක්වා ඇත. එනම්; පැවැත්ම, ආරක්ෂාව සහ ආත්මාභිමානයයි. Read more
සියදිවි නසාගැනීම. August 30, 2018 තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින් ඇතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසා ගැනීම සිදුකරනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථාවල, මානසික අාතතිය වැනි මානසික රෝගවලට ගොදුරු වී ඇති අවස්ථාවලදීය. අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදීථ ඖෂධ භාවිතා කරන අවස්ථාවලදී, මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවය බිඳ වැටීම් වැනි ගැටළුද සියදිවි නසා ගැනීමේ දී ප්රමුඛ භූමිකාවක් රගපානු ලබයි. ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනිඅවි භාවිතය සීමා කිරීම මානසික රෝග සහ ඖෂධ නිවැරදි ලෙස භාවිතා කිරීම සඳහා පත්‍රිකා කිරීම සහ ආර්ථික සංවර්ධනය කිරීම හැදින්විය හැකිය. ලෝකයේ සියදිවි නසාගැනීමේ ප්‍රධාන ආකාර රටින් රටට වෙනස්වන අතර එය තවදුරටත් එම ආකාරයෙන්ම එම රටවල ඇති නැතිබව හා සම්බන්ධ වේ. එම ප්‍රධාන ආකාර ලෙස අපට හඳුනාගත හැක්කේ එල්ලී මැරීම , පළිබෝ... Read more
ඒක නම් ඇත්ත.
ReplyDelete🤔🤔🤔🤔
ReplyDelete