Posts

Showing posts from July, 2018

අත්දැකීම කෙටිකතාව.

                                                                                                                                                         වැඩපොලක කූලියට වැඩකරන පුද්ගලයෙකූගේ වැඩිම දවසේ කූලිය රුපියල් 1500ක් පමණකි. මැටි පාගා ගඩොල් කපන ලද වැඩපොලක වැඩිම කූලිය ලෙස රුපියල් 1200ක් පමණ එක් පුද්ගලයෙකූට ගෙවන ලදී. පවුලේ පස්දෙනෙකූගෙන්යුත් සයිමන් මාමා ද මෙම වැඩපොලෙහි සේවය කරයි. තම මවග් පියාත් වයෝවෘදව සිටින බැවින් එදිනෙදා හරි හමිබකරන මුලු මුදලම සිය පවුල වෙනුවෙන් සෑම වෙලාවකම වියදමි කිරීමට සයිමන් මාමාට සිදුවෙි. දිනක් තාත්තාත් මමත් යතූරුපැදියෙන් නගරයට යමින් සිටින අවස්ථාවෙිහි සයිමන් මාමා ඔහුගේ යතූරුපරදිය මග නතර ...

අවතැන් වූ මව් සෙනෙහස

Image
පියා ගියත් නුඹ අතහැර සුර ලොවට මෙ මා ගියේ නැත වෙනතක සරණයට පුතේ නුඹේ කිරි සිනහව දුටුව විට හදවත රිදුණි වාවනු බෑ දරු පෙමට පපුවේ රුහිරු කිරි කෙරුවේ නුඹ හන්දා සිටියේ කඳුළු හංගා ගෙන නුඹ හන්දා මහමෙර ලෙසින් ඉසිලූ දුක් නුඹ හන්දා මගෙ රත්තරන් පුත නුඹ දන්නෙද මන්දා ගත සවි සිඳී වියපත් වූ අම්මාට රළු වැඩි විය පුතේ වදනන් නුඹ කීව සෙනෙහෙන් බත් කටක් නුඹගෙන් නැතුවාට මැනලා නොවෙයි කිරි දුන්නේ මා නුඹට ළය පිරි රිදුම් බොල් සුළඟය දැන සිටියේ ගැරහුම් නොසැලකුම් තව ඉවසනු බැරියේ තනියට සවියට ද සැරයටිය ය සිටියේ මහ මග දිගේ යමි සෙවණක් නැති සැටියේ

දිළිඳුකම

Image
                                 සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා  සමාජ ප්‍රශ්නයක් ලෙස දිළිඳුකම හදුන්වා දියහැක.‍බෝහෝ නිමවුම් කරන සමාජය විසින්ම නිෂ්පාදනය කරන ලද දිළිදුකම ආදායම් ක්‍රම ඔස්සේ පමනක් නොව එහි සෑම අංශයක් ඔස්සේම අවධානයට ලක්කළ යුතු සංකල්පයකි. දිළිඳුකම දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්‍ර‍‍‍වේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර ‍පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත.  1979  දී හැකියාවන් පිළිබඳ ප්‍ර‍වේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි." බහුමානිය සංකල්පයක් වන දිළිඳුකම ප්‍රධාන මාන තුනක් ඔස්සේ දැක්විය හැකි බව  1992 දී  chambr  නම් ආර්ථික විද්‍යාඥයා අදහස් දක්වා ඇත. එනම්; පැවැත්ම, ආරක්ෂාව සහ ආත්මාභිමානයයි.

අාදරය

ආදරය  යනු  බැඳීම  සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ  හැඟීම්  සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.  ආදරය යනු චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහ කම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්තදැක්වීම් වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්භන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මනව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක භන්ධනයට ආදරය ලෙස සළකයි.තවත් අවස්තාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් . පුද්ගල බද්ධ නොවන ආදරය පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේ...