ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය. දරිද්‍රතාවය යන්න අර්ථ දැක්වීම සඳහා හඳුනාගැනීම පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී ඇති අතර දරිද්‍රතාවය පිළිබඳ වඩාත් ප්‍රචලිත අර්ථ දැක්වීම වනුයේ සමාජය පිළිගත් අවම පෝෂණ මට්ටම පවත්නා පවත්ව ගනයාමට අවශ්‍ය ආදායම් මට්ටමක් නොමැති වීම යන්නයි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය තුළ දරිද්‍රතාව ව්‍යාප්තව පවතින අතර මෑත කාලීන වශයෙන් ලංකාවේ දරිද්‍රතාව අඩු වීමේ අගයක් ගන්නා බවයි. ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සහ මානව සංවර්ධනය සඳහා නිදහසින් පසු බලයට පත්වූ අණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. එම ක්‍රියාමාර්ග අතර නොමිලේ අධ්‍යාපන පහසුකම් සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම ,මිලේ ආහාර පිහිටාධාර සහ ආහාර සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවිජනපද ව්‍යාපාර පිහිටුවීම සහ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම, නි...
Comments
Post a Comment