අත්දැකීම කෙටිකතාව.

                                                                                                                                                         වැඩපොලක කූලියට වැඩකරන පුද්ගලයෙකූගේ වැඩිම දවසේ කූලිය රුපියල් 1500ක් පමණකි. මැටි පාගා ගඩොල් කපන ලද වැඩපොලක වැඩිම කූලිය ලෙස රුපියල් 1200ක් පමණ එක් පුද්ගලයෙකූට ගෙවන ලදී. පවුලේ පස්දෙනෙකූගෙන්යුත් සයිමන් මාමා ද මෙම වැඩපොලෙහි සේවය කරයි. තම මවග් පියාත් වයෝවෘදව සිටින බැවින් එදිනෙදා හරි හමිබකරන මුලු මුදලම සිය පවුල වෙනුවෙන් සෑම වෙලාවකම වියදමි කිරීමට සයිමන් මාමාට සිදුවෙි.
දිනක් තාත්තාත් මමත් යතූරුපැදියෙන් නගරයට යමින් සිටින අවස්ථාවෙිහි සයිමන් මාමා ඔහුගේ යතූරුපරදිය මග නතර කරගෙන යතූරුපැදියේහි යමක් සොදිසි කරන ආකාරයක් දක්නට ලැබිණි. තාත්තා යතූරුපැදියේහි වෙිගය තරමක් අඩුකරමින් එම ස්ථානයේහි යතූරුපැදිය නතර කරනවාත් සමග “සයිමන් මල්ලි මොකද තෙල් ඉවර වෙලාද”තාත්තා අසනවාත් සමගම මමද යතූරුපැදියෙන් බැස සයිමන් මාමාගේ යතූරුපැදිය අසලට සේන්දු වුණි.
“හම්.. හම් පලග් එකේ මෙකක් හරි අවුලක් තිබිබේ” යතූරුපැදියේහි පලග් එක ගලවා සුද්ද කරමින් අප දෙස නොබලාම පැවසීය. එය පිරිසිදු කර නියමිත ලෙස සවිකර සයිමන් මාමා “දැන්නම් හරියන්න ඔින”යයි දිගූ හුස්මක් හරිමින් පැවසීය.
“සයිමන් මල්ලී උබලගේ පොඩි එකාගේ ලෙඩේ හොදද දැන්” තාත්තා එය සයිමන් මාමාගෙන් අසනු ලැබුවේ පෙරදිනක තම දරුවාගේ තත්වය තාත්තා සමග ප්‍රකාශ කර ඇති නිසාවෙනි. එය මතකයට නැගූනු අවස්ථාවෙහි අසන ලද්දක් මෙන් පැවසීය. “නෑ රත්නේ අය්යා තාම ගූණයක් නෑ” කනස්සලු මුහුනින් යුතූව අපදෙස බලා නැවත බිමබලා ගනිමින් පැවසීය.
“මල්ලී උබලට හිතෙන් නැද්ද ඔය ළමයට තියෙන්නේ අපල උපදාවයක් කියලා” “එහෙම එකක් වගේ තමා රත්නේ අය්යේ ගිය සතියේ පන්සලට ගිය වේලාවෙත් ලොකු හාමුදුරුවන් කීවේ බලියක්වත් කරොත් හොදයි කියලා.” මා කිසිවෙකුත් නොදන්නා නිසාම දෙදෙනාගේ කතා බහා අසමින් සිටිෙය්ය. ටික වේලාවක් කතාබහා කරමින් සිටියදි “රත්නේ අය්යේ ළගදිම පොඩි එකාගේ බලිය හදනවා උදව්වක් කරන්න පුලුවන් උනොත් එන්න” කියමින් සයිමන් මාමා හදිස්සියෙන් මෙන් යතුරුපැදියට නැග වෙිගයෙන් ගමන් කළේය. ඒ දෙස බලා සිටි තාත්තා දිගු හුස්මක් හෙලමින් “කොහොම හිටිය මිනිස්සුද ඔය” කියා යතුරුපරදියට නැග අප දෙදෙනා නගරයට ගමන් කළේය. එදින මා රාජකාරි සදහා පිටත්ව යන බැවින් මේ පිළිබදව කිසිවක් අසා දැනගැනීමට මා හට කුතුහලයක් නොතිබිණි. එහෙත්  සයිමන් මාමාගේ ආයාචනයට මා කිසියම් උපකාරයක් කළ යුතු යැයි සිතා “තාත්තේ මේ ඔය බලිය කරන දවසට මටත් කොල් එකක් දාන්න මට පාස එකක් එන්න පුලුවන් වෙයි”මා පැවසුවෙි නිහතමානි ගුණය  ඉස්මතු කිරීමක් දෝ කියා මට සිතුනි.
දින පහකට පස තාත්තාගෙන් දුරකතනයට ඇමතුමක් ලැබුණි.  එහිදි තාත්තා පවසා සිටියේ සයිමන් මාමාගේ දරුවා වෙනුවෙන් පවත්වන බලි යාගය තව දින දෙකකින් කරන බවත් පුලුවන් නම් පාස් එකක් එන ලෙස දැන්වීය. මා ජිවිතයේ පළමු වතාවට බලි ශාන්තිකර්මක් දැකීම උවමනාවෙන් යුතුව දින තුනක නිවාඩුවක් දමා ගෙදර යාමට තීරණය කළේය. මා ගෙදර පැමිණි පසු දා උදෑසනම තාත්තා කාමරය වෙත පැමිණ “ලොකු පුතා ඉක්මනට ඔය ඇදුමක් දාගෙන ලෑස්ති වෙන්න අද ඉදලම සයිමන් මාමාගේ ගෙදර වැඩ තියෙනවා. ඔය කියන ශාන්තිකර්මය තියෙන්නේ හෙට නේ අදද කොහෙද හුබහක් පේ කිරීම කරනවා”කියමින් කාමරයෙන් පිටත් වී තාත්තා සුදු කමිසයට බොත්තමි ගසමින් සාලය වෙත පැමිනියේය.
අප දෙදෙනා කඩිමුඩියේ සුදානමි වී සයිමන් මාමාගේ ගෙදරට පැමිණීයේය. එහි ඔවුන්ගේ පවුලේ ඥාතින් දහයක් පහලොවක් පමණ පැමිණ සිටින බවක් දක්නට ලැබිණි. තාත්තා ද මම ද යතුරුපැදියෙන් බැස බලි මඩුව සාදමින් සිටින සේදිරිස් මාමා අසලට යත්ම “සේදිරිස් අය්යා... හුග දවසකින් දැක්කේ” යනුවෙන් තාත්තා ලගන්නා සුලු වදනකින් පැවසීය. “එකනේ රත්නේ මල්ලී ගමේ හිටියට මුණගැහෙන්න වත් වේලාවක් නෑ නේ ඔය වැඩම තමයි. දැන් දවස් තුනකට කලින් පහල ගමෙත් බලියක් කලානේ” අප යමක් ඇසීමට පෙර ඔහු තම කාර්යය පිළීබදව උජාරුවට මෙන් පැවසීය. අප සෑම දෙනාම හදුනන සේදිරිස් මාමා යනු ඉතා දක්ෂ හොද වෙදදුරෙකී. ගම්මුන්ගේ විශ්වාසය වී ඇත්තේ ඔහුගේ වෙද හෙදකම් වලින් ප්‍රතිථල නොලබන්නේ ඉතා අතලොස්සකි.
“සයිමන් මල්ලී වැඩේ පටන්ගමු” කියමින් සේදිරිස මාමා සයිමන් මාමාගේ ගේ ඉදිරිපිට තිබු තුභස අසලට ගියේය. එතනට පැමිණි සයිමන් මාමා “සේදිරිස් අය්යේ මෙතනට ඔීනි අඩුපාඩු මොනවද” “ආ.... අපි අර වෙන් කරලා තිබිබ පහන් නවයයි, මල් වර්ග ණවයයි, පඩුරු නවයයි මෙතනට ගේන්න” කියා සේදිරිස් මාමා ලහිලහියේ හරිබරි ගැසි ඉදගනිමින් මද දුරක් ඈත යන සයිමන් මාම දෙස බලා “සයිමන් අර සදුන් කිරිපැන් ටිකත් ඔිනී කියා” පැවසීය.
බලි ශාන්තිකර්මය උදෙසා මුලින්ම සිදු කරනු ලබන මැටි පේ කිරීම සේදිරිස් මාමා විසින් ආරමිභ කරන ලදී. ඒ අවස්ථාවෙහි තාත්තා පැවසු මැටි පේ කිරීම මෙය බව මා හට දැන ගැනීමට ලැබිණි. සේදිරිස මාමා ඒ තුඹස අසල පහන් දල්ව මල් වර්ග නවයද තබා පළතුරු ද තබා තුඹස වටා සදුන් කිරී පැන් ඉස මැටි පේ කිරීම ආරමිභ කළේ ය. ඒත් සමගම සේදිරිස් මාමාගේ ගෝලයන් දෙදෙනෙක් වන රාහු අය්යා සහා නිමල් අය්යා මගුල් බෙර වාදනය ආරම්භ කළේය. සේදිරිස් මාමා ටික වේලාවක් තුඹස අසල යදිමින් ඉද වහා මැටි ගුලියක් ගුඹසින් වෙන් කරගෙන එම මැටි ගුලිය යදින්නට පටන් ගත්තේය මෙලෙෂ සේදිරිස් මාමා පෙරවරු එකොළහ වන තෙක්ම මැටි අත යැදීම සිදු කරන ලදි
සේදිරිස් මාමා තුඹන අසල නැගිට බලි මඩුව තෙක් පැමිණ “සයිමන් මල්ලී බලි මඩුවේ වැඩ අහවරක් කරලා ඉවරද” යැ   යි උස් හඩින් යුතුව බලි මඩුව අසල සිටි සයිමන් මාමා දෙස බලා ඇසීය. එම අවස්ථාවේ සයිමන් මාමාත් සමග තවත් තිදෙනෙක් සිටිතී. එතන සිටි එක් අයෙක් “සේදිරිස් අය්යේ මෙතන වැඩේි ඉවරයි දැන් තියෙන්නේ මැටි ටික පාගන්න තමයි්.. යැයි පවසමින් සියලු දෙනාම උදැල්ලක් ද රුගෙන තුඹස අසලට පැමිණියෝය. මා ද වතුර බාල්දියක් රුගෙන තුඹස අසලට පැමිණියේ ය. සේදිරිස් මාමා පැමිණ “කොල්ලෝ ඔය වැඩෙි ඉක්මන් කරන්න ඔිනි එකේ ඉදලා හය වෙනකන්වත් බලිය අබන්න වෙයි” යැයි ඔරලෝසුව දෙස බලමින් පැවසීය. සේදිරිස් මාමා ඉතා හොද පළපුරුද්දක් සහිත පුද්ගලයෙකු මෙන් කාලය කළමණාකරණය කරන ආකාරය දිස්වෙයි.
“පුතේ පුතේ තේ ටිකක් බොන්න ගෙට යමු” යැයි සයිමන් මාමාගේ නැන්දා පැමිණ මා හට ආරාධනා කළාය. ආරාධනාව පිළිගෙන නිවසෙහි දකුනු පස සකස් කොට තිබු ටකරන් මඩුව වෙත පැමිණි මා එහි මේසය උඩ වු තේ එකක් ද ගෙන අසලින් තිබු පුටුවක හිද ගතිමී. ඒ අසලම මා නොදැකපු පුද්ගලයින් තිදෙනෙක් ද විය. ඔවුන් කතා බහා කරන ලද්දේ මේ බලිය පවත්වන ආකාරය සමිබන්ධවයි. “ඔය කරනවා කියන්නේ රූප බලියක් ලු” එතන සිටි එක් වැඩිහිටි පුද්ගලයෙක් පැවසීය. එම අවස්ථාවේම බලි ශාන්තිකර්මය ගැන දැන ගැනීමේ කුතුහලය පිරී තිබුනද යමක් ඇසීමට මා ඔවුන්ට අවධානය යොමු කරත්ම “රූප බලිය හදන්නේ මැටිවලින්නේ..... හැබැයි ඔය ලෙඩාගේ රූපයක් රෙද්දක ඇදලත් බලිය කරනවා” යැයි එතන සිටි  අනික් පුද්ගලයා පවසන ලද්දේ මේ සමිබන්ධව හසල දැනුමක් ඇතිවාක් මෙන් ය. මා ඔවුන්ගෙන් මයක් අසන්නට පෙර මා දෙස හැරි ලගන්නා ලෙස සිනාවක් පා ඔවුන් බලි මඩුව දෙසට ගමන් කළේය. මා ද ඔවුන් පසු පස ගමන් ගතිමී.
බලි මඩව වෙත පැමිණි මා සිතන අන්දමට මෙම මඩුව උසින් රියන් එකොළහක් පමණ සාදා පලය දෙපසට බෙදා නිර්මාණය කර ඇත. බලි මැස්ස පොල් පරාල සහා පොල් පිති ආධාර කොටගෙන සකසා ඇත බලි මඩුව කෙසෙල් පතුරු වලින් අලංකාරවත් කර ඇත.
එදවස රාත්‍රී නවයට පමණ සේදිරිස් මාමා සියල්ල සංවිධානය කොට බලි යාගය ආරමිභ කිරීමට බලි මඩුව වෙත පැමිණ අබන ලද රූපයෙහි නේත්‍ර තැබිම සිදු කරන ලදි. ඉන් පසු සේදිරිස් මාමා පිරිත් හුය අතට ගෙන තේරුවන් සරණ ගොස් දෙවියන්ට ආරාධනා කරයි. එක් පසක සයිමන් මාමාත් නැන්දාත් අපල උපදාව ඇති දරුවාත් සමග පැදුරක් මත හිදගෙන සිටි. සේදිරිස් මාමා ශෝලෝක කවි ගායනා කරමින් ආතුරයා අතට පිරිත් හුට ලබාදිම සිදුකරන ලදි. පන්දමක් අතින් ගෙන ආතුරයා ඉදිරිපිට සකසා ඇති අටමගල පෑගීම සිදු කිරීම සදහා අතුරයාගේ දෙපා අටමගල වෙතට යොමු කරයි. මා ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියේ කුමක්ද කියා සිතාගත නොහැකිවය ඒත් සමගම අවට සිටි ඥාති පිරිස අතරින් “ඔන්න ඔහොම තමයි ඇදුරා බලිය පාවාදීම කරන්නේ” යැයි කෙනෙක් පැවසීය මා හට එය එතරම්ම නොතේරුනද ශ්ලෝක හා බෙරවාදනයට මා සිත ඇද බැද තබාගෙන ඇති බවක් මට වැටහිනි. පාවා දීමෙන් අනතුරුව ග්‍රහයන්ට දොළ පිදෙනි දීම සිදු කරන ලදි. මේ දොල පිදෙනී ලබා දීමට හත් මාළුව, අල වර්ග පහක් ,බඩ පහ. තෙල් පහ, දිය භාජන තුනක් සකසාගෙන තිබේ. මේ අවස්ථාවෙි ග්‍රහයන්ගේ උත්පත්ති කතාව ගෙන හැර දක්වමින් ශ්ලෝක කවි ගායනා කරන්නට වුනි.
සියල්ලන්ටම  එදින පාන්දර වී ඇති බැව්  වැටහි යනුවේ අවටින් ඇසෙන කුරුල්ලන්ගේ ශබිදයන් නිසාවෙනි. මන් ද යත් ශ්ලෝක කවි ගායනය විනෝද ජනක නිසාදෝ වේලාව ගැන සොයා බැලීමට කිසිවේකුත් උත්සුක වුයේ නැත. අවසානයේ සේදිරිස් මාමා පිදෙනිය බලි මඩුව වටේ ගෙන ගොස් එක් තැනක තබා තම රාජකාරිය අවසන් කරාක් මෙන් සියල්ලන් දෙස සිනා මුහුණින් යුතුව මඩුව තුලට පැමිණියේය. අනතුරුව සේදිරිස් මාමා බලිය සකස් කළ ආකාරය මුල සිට අගට පැහැදිලි කර වස්දොස් දුරුකොට ආතුරයා බලි මඩුවෙන් නිවසට ගෙන යන ලදි. සේදිරිස් මාමා නිවසින් පිටතට පැමිණ අප සිටින දෙසට බුලත් තටිටුවක්ද අතැතිව පැමිණියේය. අසල වු පුටුවක හිදගෙන කිසිවක් නොකියාම බුලත් විට සපමින් කෙල පාරක් ගසා “මෙි කොල්ලට අපල  තිබ්බේ දැන් ඉතින් ඒකත් ඉවරයි”යැයි සිනා සතුටු මුහුණින් යුතුව ප්‍රකාශ කළේ ය. වැඩ අවසන් වු පසුව මම ද පියා ද නිවස වෙත යාම සදහා යතුරුපැදියට නැග ගියේ ය කේසේ හෝ මේ තුලින් ලද විනෝදාස්වාදය සහා මෙයට පෙළඹවීම තුළ මා හට සතුටකි.  ජීවන ගමනේ විශේෂ අත්දැකීමක් ද වෙ.
-කෙටිකතාව-
-සාම්ප්‍රදායික සන්නිවේදනය-
J.M Ravindra pushpakumara
HS/2015/0500

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.

දිළිඳුකම

සියදිවි නසාගැනීම.