අවතැන් වූ මව් සෙනෙහස
පියා ගියත් නුඹ අතහැර සුර ලොවට
මෙ මා ගියේ නැත වෙනතක සරණයට
පුතේ නුඹේ කිරි සිනහව දුටුව විට
හදවත රිදුණි වාවනු බෑ දරු පෙමට
පපුවේ රුහිරු කිරි කෙරුවේ නුඹ හන්දා
සිටියේ කඳුළු හංගා ගෙන නුඹ හන්දා
මහමෙර ලෙසින් ඉසිලූ දුක් නුඹ හන්දා
මගෙ රත්තරන් පුත නුඹ දන්නෙද මන්දා
ගත සවි සිඳී වියපත් වූ අම්මාට
රළු වැඩි විය පුතේ වදනන් නුඹ කීව
සෙනෙහෙන් බත් කටක් නුඹගෙන් නැතුවාට
මැනලා නොවෙයි කිරි දුන්නේ මා නුඹට
ළය පිරි රිදුම් බොල් සුළඟය දැන සිටියේ
ගැරහුම් නොසැලකුම් තව ඉවසනු බැරියේ
තනියට සවියට ද සැරයටිය ය සිටියේ
මහ මග දිගේ යමි සෙවණක් නැති සැටියේ
Wooow lssniiiii aneee
ReplyDeleteලස්සන අදහසක්.
ReplyDeleteElzzzz
ReplyDelete