ලාංකීය විවසායකත්වය තුළ කාන්තාවගේ පසුබිම.

ලෝක සිතියම නම්වූ ඒ මහා සයුරෙහි එක් දූපතකට සීමා වූ ශ්‍රී ලංකාව වනාහි අසීමිත සම්පත් වලින් පරිපූර්ණ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් රජදහනක් ලෙසට හඳුනා ගත හැකිය. තුන්වන ලෝකයේ රටවල් සමග කරට කර සටනක යෙදෙමින් ජයටැඹ කරා ළගා වන රටක් ලෙස ලංකාව හඳුනාගත හැකිය.
ලාංකීය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට මේ දක්වා කාන්තාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. ගොවි ගෙදර සිට රජගෙදර දක්වාම කාන්තාව ලාංකේය සමාජය ස්පර්ශ කොට තිබේ. ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ රට ලංකාවයි. මේ ආකාරයට සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම පාහේ කාන්තාව ආක්‍රමණය කර තිබිණි.
ව්‍යවසායකත්වය පිළිබඳව කතා කිරීමේදී ද එසේම ලාංකීය විවසායකත්වය තුළ කාන්තාවට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති අතර ලාංකීය ආර්ථික වර්ධන වේගය ඉතා උසස් මට්ටමකට ගෙන ඒම උදෙසා කාන්තාව සුවිශාල මෙහෙයක් ඉටු කර තිබේ. කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට වඩා අද වන විට විශාල වර්ධනයක් ඇති කරගෙන තිබේ. විවිධ ස්වයං ව්‍යාපාර හරහා ලාංකේය පවුල් සංස්ථාවෙහි බර සියයට 60ක් හෝ හතළිහක් කරට ගෙන යන තම උරමත තබාගෙන ගමන් කරනුයේ කාන්තාවන්ය. කාර්යක්ශම වැඩසටහන් සැලසුම්කරණය සහ පවත්වාගෙන යාමත් අද වන විට කාන්තාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව නොරහසකි.
මල් පැල තවාන්, නවනිපැයුම්, පොහොර නිෂ්පාදනය, ඇඳුම් මැසීම, සපත්තු නිර්මාණය, අත්කම් භාණ්ඩ නිර්මාණය මෙවැනි ක්ෂේත්‍ර හරහා පමණක් නොව රන් රිදී ආභරණ තැනීම දක්වා ඉතා විශාල කාන්තා විවසායකත්වය ව්‍යාප්තව තිබේ. විශේෂයෙන් බිම්මල් වගාව ව්‍යාපාර ද මේ හා බැඳි විවිධ රජයන් කාන්තාවට විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. විවසායකයන් ඇගයීමට ලක් කිරීම වෙනුවට තම ව්‍යාපාර හා ව්‍යවසායක දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහන ක්‍රමයට ණය ලබා දීම, විවිධ ආධාර මුදල් සැපයීම අවශ්‍ය භාණ්ඩ සපයා දීම මෙවැනි කරුණු හරහා කාන්තා විවසායකත්වය වර්ධනයට අවශ්‍ය ශක්තිය සපයා දී තිබේ
වර්තමානය තුළ පවතින සමාජ තත්වයට අනුව කරට කර සටනක නිරත වන පිරිසක් ලෙසට කාන්තාව හඳුනාගත හැකි අතර මෙහිදී කාන්තා විවසායකත්වය සුවිශේෂී වේ. රටක කොඳුනාරටිය බඳු ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නා වූ කාන්තාව ඉතා සුවිශාල මෙහෙවරක නිරත වේ. ඔවුනට තවත් අත්වැල් සැපයීම කාගෙත් වුවද වගකීමකි.
J.M. රවින්ද්‍ර පුෂ්පකුමාර.
HS/2015/0500
මුද්‍රිත මාධ්‍යය

Comments
Post a Comment